චිත්‍රපට සහ රූපවාහිනි හඬකැවීම්වලටත් AI එයි
අමෙරිකාව සහ යුරෝපයේ හඬකැවීම් සහිත චිත්‍රපට සඳහා AI තාක්ෂණය භාවිත කරමින් සිටින බවට විදෙස් වාර්තා සඳහන් කරයි.
කීරි සම්බා හිඟයක් ? විසඳුමක් නැත්නම් ආදේශන ආනයනයට තීරණයක්
කීරි සම්බා සහල් හිඟයක් මෙරට තුළ කෘතීමව ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මෙරට සිසුන් 30කට පශ්චාද් සහ ආචාර්ය උපාධි සඳහා චීනයෙන් ශිෂ්‍යත්ව
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකු සඳහා චීන රජය විසින් පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව ලබා දී තිබේ.
ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීම ගැන දැනුම්වත්කිරීමක්
ප්‍රධාන පද්ධති 7ක් යටතේ දර්ශක 80ක් යොදා ගෙන රටවල නව්‍යකරණ කාර්ය සාධනය මනින ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය නව්‍යකරණ දර්ශකයෙහි ශ්‍රේණිගත කිරීම තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළට ඔසවා තැබීම සඳහා සියලු පාර්ශ්වයන් දායක කර ගැනීම මෙහි අරමුණ වී ඇත.
ඉන්දියාවට එකවර ධාරාණිපාත වැස්සක් – 38ක් මරුට
උතුරු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයට අද (14) පස්වරුවේ එකවර ඇඳහැළුණු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාවක් සමග ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ආනයනික ලුණු බහාලුම් 400ක් වරායේ සිරවෙයි
මෙරටදී ඇසුරුම් කිරීම සඳහා ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 28,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගු බහාලුම් 400ක් නිදහස් කරගැනීමට නොහැකිව මේ වන විටත් කොළඹ වරායේ සිරවී ඇතැයි ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 99.94න් නැවතී අදට වසර 77යි
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස අවිවාදයෙන් පිළිගත හැකි ක්‍රීඩකයා වන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පිතිකරණ සාමාන්‍ය සියයට 100ක් කරගැනීමට නොහැකි වූ එම තීරණාත්මක තරගය පැවැත් වී අදට (14) වසර 77ක් සම්පූර්ණ විය.
අස්වැසුම අගෝස්තු මස දීමනාව හෙට ගිණුම්වලට
2025 අගෝස්තු මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (15) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
කණ්ඩලමේ හැඩකාරයාට පිං අනුමෝදනා කරයි
මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිට ජීවිතයට සමුදුන් ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වනු ලැබූ වනඅලියා වෙනුවෙන් පිං අනුමෝදනාවක් සිදුකර තිබේ.
පාර්ලිමේන්තුවේ මහා පරිමාණයේ අලුත්වැඩියාවක්
දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.











