Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ගෙවුණු මාස 06ට පොලිස් නිලධාරීන් 300ගේ වැඩ තහනම්

මෙම වසරේ පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් තුන්සීයක් වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමෙරිකානු බදු අඩුකරගැනීමේ සාකච්ඡාවල නවතම තත්ත්වය ගැන කියන හඳුන්නෙත්ති

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන අතර එම තීරුබදු අඩුකරගැනීම සඳහා අමෙරිකාව සමග සිදුකරමින් පවතින සාකච්ඡා මෙතෙක් සාර්ථක වී නොමැති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

අගෝස්තු මස ඉන්ධන මිලේ වෙනසක් නෑ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාවක නිවේදනය කරයි.

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉන්දියාවෙන් දෙන මුදලේ පළමු කොටස නිදහස් කෙරේ

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 770) නිකුත් කර ඇත.

2021 සිට මියන්මාරයේ ප්‍රකාශයට පත් කර තිබුණු හදිසි තත්ත්වය ඉවතට

මියන්මාර හමුදාව විසින් 2021 පෙබරවාරි මාසයේ සිට ප්‍රකාශයට පත් කර තිබුණු හදිසි තත්ත්වය අද (31) අවසන් කර තිබේ.

පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමේදී ඇති විය හැකි විජලන තත්ත්වයන් වළක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

නව අගවිනිසුරු රටට දුන් පණිවුඩය

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් විය.

පලස්තීන රාජ්‍යය පිළිගැනීමේ සැලැස්ම සමඟ කැනඩාවත් එක්වෙයි

සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යය පිළිගැනීමට කැනඩාව සැලසුම් කරන බව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පැවසීය.

අද දෙවන කුඔල් පෙරහැර

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඔල් පෙරහැර අද (31) පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

මහනුවර වැවේ පුද්ගල මළසිරුරක්

මහනුවර පෙරහැර කටයුතු සඳහා සහභාගීවී සිටි ඇත්ගොව්වෙකුගේ සහායකයෙකුගේ මළසිරුරක් අද (31) උදෑසන මහනුවර වැව් ඉවුරේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබේ.