Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

මාරවිල වෙඩිතැබීමක්

මාරවිල, මරඳ ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

හන්තාන ඉඩමේ අයිතියක් තමාට නැති බව චමින්ද්‍රාණී කිරිඇල්ල කියයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ සාකච්ඡාවට භාජනය වූ හන්තාන ඉඩමේ අයිතියක් කිසිඳු දිනෙක තමාට නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය අද (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

අත්බෝම්බ 86ක් සමග අයෙක් අත්අඩංගුවට

කිරිබත්ගොඩ පොලිස් වසමේ අලුත්පාර ප්‍රදේශයේදී T56 ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී තොරතුරු රැසක් හෙළිවී තිබේ.

අද ඉතිහාසයේ දෙවන කෙටිම දිනය

2025 ජූලි 22 වන අඟහරුවාදා එනම් අද දිනයේ පෘථිවිය සාමාන්‍ය කාලයට වඩා තරමක් අඩු කාලයකින් සම්පූර්ණයෙන් භ්‍රමණය වී අවසන් කරනු ඇති අතර එය මෙතෙක් වාර්තා වී ඇති කෙටිම දිනවලින් එකක් බවට පත් වන බව සඳහන් වේ.

ඖෂධ අඛණ්ඩව සැපයීමට ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්

හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සඳහා අවැසි ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ඒ සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (22) බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වසර 10ක් තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ප්‍රේෂණ ගැන හෙළිදරව්වක්

පසුගිය වසර 10 තුළ විදේශ රැකියා හරහා මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 67,147ක් බව විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා පැවසීය.

තද සුළං සහ රළු මුහුද ගැන රතු නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබේ.

රු මි 181ක් වටින හෂීෂ් මත්ද්‍රව්‍ය සමග විදෙස් කතක් ගුවන්තොටේ දී මාට්ටු

අද (22) අලුයම 2.50ට පමණ කැනඩාවේ සිට දෝහා හරහා කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් හෂීෂ් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ටී-56 ගිනිඅවියක් සමග හිටපු LTTE සාමාජිකයෙක් අත්අඩංගුවට

ටී-56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දේශබන්දු එල්ලවූ චෝදනාවලට වරදකරු වෙයි – පාර්ලිමේන්තු විමර්ශන කමිටුව

ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.