Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

Uncategorized

විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු ඉඩක් නැහැ – අගමැති හරිනි

විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත් සිසු උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

ඇසළ පෙරහරට පෙර සෝදිසියේදී හෙරොයින් සමග ඇත්ගොව්වෙකු මාට්ටු

 මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂක කටයුතු සඳහා සිදුකළ සෝදිසි කිරීම්වලදී, හෙරොයින් සමග ඇත්ගොව්වෙකු සහ උණ්ඩ සමග තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   Read More>>

ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි

ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.

විදෙස් සංචාරකයින්ට හෙට සිට කටුනායකින්ම රියදුරු බලපත්

සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් හෙට (03) දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

දුම්රිය මගී කතගේ පර්ස් එකට විද්ද ගුවන් සෙබළා මාට්ටු

 දුම්රියක ගමන් කරමින් සිටි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුයුක්ත සෙබළෙකු, දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් කොටුව දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.   Read More>>

අරුගම්බේ සංචාරක කර්මාන්තයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් දැඩි බලපෑම්

සංචාරක වීසා මත පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලකරන බව එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් පවසයි.

Miss Teen Tourism තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් අංජානා පිලිපීන් යයි

 ‘මිස් ටීන් ටුවරිසම්’ (Miss Teen Tourism) ශ්‍රී ලංකා කිරුළ දිනාගත් අංජානා හීනටිගල මෙනෙවිය, එම ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිලිපීනය බලා පිටත්ව ගොස් තිබේ. ඇය පසුගිය 30 වනදා අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් සිය ගමන ආරම්භ කළාය.    Read More>>

ගල්කිස්ස ඝාතනයේ සැකකරුවන් ප්‍රදේශයෙන් පළායයි

ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළ සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

ඔන්ලයින් ඔට්ටු ඇප් ව්‍යාප්තිය බරපතල මහජන ප්‍රශ්නයක් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සියලු ප්‍රාන්තවලින් කරුණු විමසයි

ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ සහ ණය ලබා දීමේ යෙදවුම් (apps) ව්‍යාප්ත වීම බරපතල මහජන වැදගත්කමක් ඇති ගැටලුවක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇති අතර, ඒවා නියාමනය කිරීම සම්බන්ධයෙන් සියලුම ප්‍රාන්තවල ප්‍රතිචාර ඉල්ලා තිබේ. මෙම යෙදවුම් හේතුවෙන් බොහෝ ළමුන් සියදිවි නසාගෙන ඇති…

ජනපති අනුරපුරේ නවතින තැන අසළින් පුපුරන ද්‍රව්‍ය හමුවේ

 අනුරාධපුර, පෙරිමියන්කුලම ප්‍රදේශයේ නිවසක අත්බෝම්බයක් ඇති බවට ලද හදිසි දුරකථන ඇමතුමක් මත ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලීසිය, එම නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍යයක් සොයාගෙන තිබේ. ජනාධිපතිවරයා අනුරාධපුරයට පැමිණෙන අවස්ථාවලදී නවාතැන් ගන්නා හෝටලයක් ආසන්නයේ මෙම නිවස පිහිටා තිබීම හේතුවෙන් සිද්ධියත් සමග එම…