2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ
එළැඹෙන අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර ඇත.
බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු තරුණයින් තිදෙනෙක්ට බරපතළයි
බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටිය දී වෙඩිවැදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයින්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
පාකිස්තාන පිතිකරු හයිඩර් අලි අත්අඩංගුවට
පාකිස්තාන යොවුන් පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාරක අනතුරක් – දෙදරු පියා මරුට
අද (08) උදෑසන 6ට පමණ හොරණ රෝහල හන්දිය අසලදී වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
‘ගාසා සිටි’ අත්පත් කරගැනීමේ නෙතන්යාහුගේ සැලැස්මට අනුමැතිය
ගාසා තීරයේ ඊශ්‍රායල පාලනයේ නොමැති ප්‍රදේශයක් වන ගාසා නගරය සම්පූර්ණයෙන් අත්පත් කරගැනීමේ බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්ම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඌවට බරක් වූ සුපිරි වාහන වෙන්දේසියේ විකුණන්න යයි
ඌව පළාත් සභාවට දැරිය නොහැකි අධික වියදමක් ඇති සියලුම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබේ.
බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ අද (07) පස්වරු 8.40ට පමණ වෙඩි තැබීමක් සිදු ව තිබේ. <br><br> මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ගම්බිම් බලායන මගීන්ගෙන් මාකුඹුර පිරෙයි
දින තුනක දීර්ඝ සති අන්තය හේතුවෙන් ගම්බිම් බලායාම සඳහා විශාල මගී ජනතාවක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත අද (07) පස්වරුවේ පැමිණ තිබේ.
ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ජනපති හමුවෙයි
ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය සහ ජනපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 අ.පො.ස. (උ/පෙළ) විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (07) නිකුත් කර තිබේ.










