Colombo TV Gossip

අපි බලන් ඉමු

මව සහ පියා ඝාතනය කළාට පළිගත් සෙබළ පුතා

ගලේවෙල, දේවහුව ප්‍රදේශයේ පදිංචි  59 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර,  පුළුස්සා වළ දැමීමේ සිද්ධියකට සැකපිට 26 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මකුළුගස් වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටී තංගල්ලේ අනතුරක්

තංගල්ල මහවෙල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (27) පස්වරුවේ සිදු වූ අනතුරකින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තායිවානයට ප්‍රබල භූමිකම්පාවක්

තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ අද (27) පස්වරුවේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් ඇතිව තිබේ.

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අලුත්ම ආරංචිය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ගඟේ

ඉත්තෑපාන, මීගම පාලම යටින් ගලාබසිනා බෙන්තර අතු ගංගාවේ පාවෙමින් තිබි පුද්ගල මළ සිරුරක් හමුවූ බව ඉත්තෑපාන පොලීසිය පවසයි.

කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී තිදෙනෙක් මරුට

කුලියාපිටිය, විලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. <br><br> පොලීසිය සඳහන් කළේ පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිට එරටින් පිටවන්නැයි දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාව වෙත නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී විය.

නඩු කටයුතුවලින් පසුවත් සජිත් රනිල් බලන්න ජාතික රෝහලට එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පස්වරුවේද කොළඹ ජාතික රෝහලට පැමිණියේය.