Colombo TV Gossip

අපි බලන් ඉමු

විදුහල්පති මාරු කරවන ලියුම අරං ආ අධ්‍යාපන අධ්‍යක්ෂිකාව නිවාස අඩස්සියේ

 කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ වැඩබලන විදුහල්පතිවරයා වෙත ස්ථාන මාරුවක් ලබාදීමට අදාළ ලිපිය භාරදීම සඳහා එම විද්‍යාලයට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.එච්.එන්. දුලාංජලී මහත්මිය පැයකට ආසන්න කාලයක් සිරකර තැබීමේ සිදුවීමක් ඊයේ (01) පස්වරුවේ වාර්තා විය. විදුහල්පතිවරයාට එරෙහිව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම…

නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැඩි කනස්සල්ලෙන්

ඇතැම් පුද්ගලයින් සහ ආයතන අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිර සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකිරීමෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

සියලු ආගම්වලට ගරු කිරීම අධ්‍යාපන ක්‍රමය තුළින් සමාජගත කළ යුතුයි – අගමැති

සියලු ආගම්වලට මෙන් ම සියලු සංස්කෘතීන්වලට ගෞරව දැක්වීම හා නිසි තැන ලබා දීම, අධ්‍යාපන ක්‍රමය තුළින් ම ප්‍රචලිත කර සමාජගත කළ යුතු බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නවරාත්‍රී උත්සව…

ශ්‍රී ලංකා නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටු වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව තුළ RMIT නවෝත්පාදන මධ්‍යස්ථානයක් (Innovation Hub) පිහිටුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ පහසුකම් සැලසීමේ අරමුණෙන් ඕස්ට්‍රේලියානු Royal Melbourne Institute of Technology (RMIT) විශ්වවිද්‍යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පවත්වා තිබුණි.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන සඳහා එක්වෙමින් වාස වීසා ලබාගත් පළමු විදේශිකයා

තනි පුද්ගල ආයෝජන කටයුතු සඳහා එක්වන විදේශිකයන්ට Residence Visa ලබාදීමේ ක්‍රමය යටතේ ලියාපදිංචි වූ පළමු විදේශිකයා බවට ආචාර්ය පායි ඩ්‍රෙශල් මහතා පත්ව ඇත.

අධිවේගී මාර්ගයේ සියලු වාහන සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කළ ගැසට් නිවේදනය

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබේ. <br><br> ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් එම ගැසට් පත්‍රය නිකුත්කර ඇත.

සූර්යවංශි යොවුන් ක්‍රිකට් වාර්තාවක් අලුත් කරයි

වයස 19න් පහළ ටෙස්ට් තරග බිමේ පන්දු 100කට අඩුවෙන් ශතක 2ක් රැස්කළ ලොව පළමු පිතිකරුවා ලෙස සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ වයිබව් සූර්යවංශි අද (1) සමත් විය.

කජ්ජාගේ පුත්‍රයාගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ කළ අනාවරණය සම්බන්ධයෙන් කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා අද (01) සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය.

Uncategorized

ළමුන් 250ක් රැගෙන ඉහළ අහසට ගිය ගුවන් ගමන

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින පාසල් සිසුන් 250ක් රැගත් ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් මෙරට විශාලතම ගුවන් යානය මීට සුළු වේලාවකට කටුනායක ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී තිබේ.

කෙහෙළිය පවුලට එරෙහි නඩුවට දින දෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.