ඊශ්‍රායල – හමාස් සාම සාකච්ඡා හෙට ඊජිප්තුවේදී
ඊශ්‍රායල සහ හමාස් නියෝජිතයින් අතර නිල නොවන සාකච්ඡා හෙට (06) ඊජිප්තුවේ කයිරෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබේ.
TV දෙරණ 20 වැනි සංවත්සර පිරිත් සජ්ඣායනාව සහ දානමය පින්කම
TV දෙරණ 20 වැනි සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබයි. ඒ නිමිත්තෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පින්කමක් කොළඹ පිහිටි දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බිඳ දැමීමට කරන උත්සාහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකියි – හිටපු ජනපති මහින්ද
විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන කරුණු මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණුවලින් තෙර වූවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
250 වැනි අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ නව කාසියක්
2026 වසරට යෙදෙන 250වැනි අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක් නිකුත් කිරිමට එරට භාණ්ඩාගාරය සැලසුම් කරමින් සිටී.
තිදෙනෙකුට මරු කැඳවූ බිහිසුණු බස් – ලොරි අනතුර
නාරම්මල – කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී ලොරි රථයක් ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහායක 731 ක්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සහයක තනතුර සඳහා පුද්ගලයින් 731 දෙනෙකු තෝරා ගෙන තිබේ.
සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් මෙරටට ඇවිත්
සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. <br><br> මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි.
68 වන පොදු රාජ්‍ය සමුළුවට සහභාගී වීමට ඇමතිනී සරෝජා පෝල්රාජ් හෙට දිවයිනෙන් පිටත්ව යයි
68 වන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට සහභාගී වීමට සඳහා ඇමතිනී සරෝජා පෝල්රාජ් හෙට (05) දිවයිනෙන් පිටත් වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (04) පස්වරුවේ නිවේදනය කළේය.










