Colombo TV Gossip

අපි බලන් ඉමු

පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

නිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විපක්ෂ නායකවරයාගේ දීපාවලී සුබ පැතුම් පණිවිඩය

යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩපිළිවෙල සඳහා කැපවීම අවශ්‍ය බව දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු මරුට

මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. <br><br> වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ ද්‍රෝණියේ සහ  දැදුරු ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ මෙම අනතුරු ඇඟවීම් නිකුත් කරන…

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන්දියාවේ ලෝක කුසලාන බලාපොරොත්තු තවත් ඈතට

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවති තරගයෙන් ඉන්දියාව පරාජය කර ලකුණු 04ක් තියුණු ජයක් ලැබීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.

නව CCTV ගල්කිස්ස සිද්ධිය කනපිට හරවයිද? Fake ද?

 ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී නීතීඥවරයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකු පහර දෙන බවට චෝදනා එල්ල වූ සිද්ධියකින් සතියකට පසුව, ඊට අදාළ නව සීසීටීවී දර්ශන පෙළක් මතු වී තිබේ. මෙම දර්ශන මගින් අදාළ පොලිස් නිලධාරියා නීතීඥවරයාට පහර දෙන අයුරු පෙනී යන බවට වාර්තා වේ….

උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කෙරේ

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ අද (19) සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් හෙට උදෑසන උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Youtube නිසා MTV නාලිකා වැසී යයි

 MTV සන්නාමය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංගීත රූපවාහිනී නාලිකා කිහිපයක විකාශන කටයුතු 2025 දෙසැම්බර් 31 වන දින වන විට යුරෝපය පුරා අවසන් කිරීමට එහි මව් සමාගම වන පැරමවුන්ට් ග්ලෝබල් තීරණය කර තිබේ. MTV Music, MTV 80s, MTV 90s, Club MTV,…

මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු කහව දී අත්අඩංගුවට

හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 359ක් සමඟ පුද්ගලයෙකු අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.