Colombo TV Gossip

අපි බලන් ඉමු

මොස්කව් නගරයේ ගුවන්තොටුපොළවල් දෙකක් වසා දැමේ

රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට කටයුතු කළ බව රුසියාව පවසයි.

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයා දියේ ගිලී මරුට

රස්නායකපුර පොලිස් වසමේ මුඩත්තව වැවෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මොන්තා සුළිකුණාටුව හෙට ඉන්දියාවට

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ විවිධ ප්‍රාන්ත සඳහා තද වැසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

Uncategorized

හෙරොයින් සමග ඉන්දීය ජාතිකයෙක් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා හෙරොයින් සමග විදෙස් ජාතිකයෙකු, කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු – මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ රංචිහිදී අද (26) නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCID භාරදෙයි

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා FCID වෙත භාර දී තිබේ.

වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයට අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

මැදවච්චියේ කනදරා ඔයෙහි තිබී උණ්ඩ තොගයක් හමුවෙයි

මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ තොගයක් සහ පතොරම් ගැබ් දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.