Colombo TV Gossip

අපි බලන් ඉමු

එස් එම් චන්ද්‍රසේනට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය.

2028 ඔලිම්පික් ක්‍රිකට් සිහිනය ශ්‍රී ලංකාවට බොඳවෙයි?

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළු ICC පූර්ණ සමාජික රටවල් කිහිපයකටම අහිමි වනු ඇතැයි වාර්තා වේ.

සොරබඩු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සෞදියේ සැණකෙළි භූමියක බිහිසුණු අනතුරක්

සෞදි අරාබියේ සැණකෙළි භූමියක විනෝදාස්වාදය සඳහා ඉදිකර තිබූ උපාංගයක් කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරකින් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

සැප්තැම්බර් 1 සිට අධිවේගයේ බස්වල මගීන්ටත් ආසන පටි අනිවාර්යයි ?

අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් ආසනපටි පැලදීම අද (1) සිට අනිවාර්ය වේ.

ගෙවුණු මාස 06ට පොලිස් නිලධාරීන් 300ගේ වැඩ තහනම්

මෙම වසරේ පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් තුන්සීයක් වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමෙරිකානු බදු අඩුකරගැනීමේ සාකච්ඡාවල නවතම තත්ත්වය ගැන කියන හඳුන්නෙත්ති

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන අතර එම තීරුබදු අඩුකරගැනීම සඳහා අමෙරිකාව සමග සිදුකරමින් පවතින සාකච්ඡා මෙතෙක් සාර්ථක වී නොමැති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

අගෝස්තු මස ඉන්ධන මිලේ වෙනසක් නෑ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාවක නිවේදනය කරයි.

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉන්දියාවෙන් දෙන මුදලේ පළමු කොටස නිදහස් කෙරේ

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 770) නිකුත් කර ඇත.

2021 සිට මියන්මාරයේ ප්‍රකාශයට පත් කර තිබුණු හදිසි තත්ත්වය ඉවතට

මියන්මාර හමුදාව විසින් 2021 පෙබරවාරි මාසයේ සිට ප්‍රකාශයට පත් කර තිබුණු හදිසි තත්ත්වය අද (31) අවසන් කර තිබේ.