Colombo TV Gossip

අපි බලන් ඉමු

ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටුවෙයි

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට කළුතර හා අවට ප්‍රදේශ රැසකටම ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ ප්‍රධාන සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකුගේ ගෝලයෙකු ලක්ෂ 15ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල ධීවර වරායේ ධීවර යාත්‍රා කිහිපයක ගින්නක්

ගාල්ල ධීවර වරායේ භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා කිහිපයක ගින්නක් හටගෙන තිබේ.

2025 මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 1.4 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මුහුදේදී මියගිය ධීවරයකුගේ සිරුර ගොඩබිමට

ගාල්ල ධීවර වරායේ සිට ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහු දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදු සැතපුම් 180ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ දී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (08) පෙරවරුවේ මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.

නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රයේ වෙඩි තැබීමක්

නිව්යෝර්ක් නගරයේ සුප්‍රසිද්ධ ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලීසිය පවසයි.

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් මිය ගිය ගණන තවත් ඉහළට

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් තවත් 11 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සංවිධානය විසින් මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද වටලනු ලැබීය.

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

කොළඹ වරාය පරිශ්‍රයේදී කන්ටේනරයක් ප්‍රයිම් මූවර් රථයක් මතට කඩා වැටී රියදුරු මරුට

කොළඹ වරායේ බහාලුම් අංගනයේදී සිදු වූ දරුණු කාර්මික අනතුරකින් 36 හැවිරිදි ප්‍රයිම් මූවර් රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර ඊයේ (08) දිනයේදී සිදුවී ඇති බව පොලිසිය තහවුරු කරයි.   Read More>>

ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කනස්සල්ල

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.