Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

උසස් පෙළ සිසුවියගේ මළ සිරුර ළිඳකින් හමුවෙයි

වවුනියාව, වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ පෞද්ගලික උපකාර පන්තියක් අසල තිබූ ළිඳක් තුළ තිබී උසස් පෙළ දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මේ වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද 

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

ජාතික තරුණ සමුළුව ඇරඹෙයි

2025 ජාතික තරුණ සමුළුව, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ වනවිට ආරම්භ කර තිබේ. <br><br> මෙම සමුළුවේ සමාරම්භ අවස්ථාවට ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා ද එකතු වීමට නියමිතය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් පටිපාටියට පිටින් යන ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්‍රික් ටොන් 6,000ක් පමණ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට පිරිනැමීමට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උත්සාහ දරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මාස 8ක් තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂය ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස එක්ලක්ෂ විසිදහස ඉක්වා තිබේ.

ඉල්මනයිට් සේදීමේ ස්ථානය පොලිස් භාරයේ තැබීමට නියෝග

විල්පත්තුව මායිමේ පිහිටි අරුවක්කාඩුවේ ඉල්මනයිට් සේදීමේ ස්ථානයේ ඉදිරි විමර්ශන සිදුවන තුරු එම ස්ථානය පොලිස් භාරයේ තබා ගන්නා ලෙස පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා අද (11) නියෝග කළේය.

කෝටි ගාණක රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි එකොළහමාරකට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරය දයා ලංකාපුරට

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ දේශකයෙකු ලෙස ක්‍රියා කළ දයා ලංකාපුර මහතා පත් කර තිබේ. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 12 (1) වගන්තිය ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා…

ජනපති සැප්තැම්බරයේ ඇමරිකාවට හා ජපානය​ට

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.   Read More>>

ඉන්දීය සිනමා නිළි තමන්නා භාතියා ලංකාවේ

 ප්‍රකට ඉන්දීය සිනමා නිළි තමන්නා භාතියා දින තුනක සංචාරයක් සඳහා ඊයේ (10) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇයගේ මෙම සංචාරයේ අරමුණ අනුරාධපුර ප්‍රදේශයේදී සිදුකෙරෙන වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් සඳහා සහභාගී වීම බව වාර්තා වේ.   Read More>>