Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

ආනයනික ලුණු බහාලුම් 400ක් වරායේ සිරවෙයි

මෙරටදී ඇසුරුම් කිරීම සඳහා ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 28,000කට ආසන්න ප්‍රමාණයක් අඩංගු බහාලුම් 400ක් නිදහස් කරගැනීමට නොහැකිව මේ වන විටත් කොළඹ වරායේ සිරවී ඇතැයි ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 99.94න් නැවතී අදට වසර 77යි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස අවිවාදයෙන් පිළිගත හැකි ක්‍රීඩකයා වන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පිතිකරණ සාමාන්‍ය සියයට 100ක් කරගැනීමට නොහැකි වූ එම තීරණාත්මක තරගය පැවැත් වී අදට (14) වසර 77ක් සම්පූර්ණ විය.

අස්වැසුම අගෝස්තු මස දීමනාව හෙට ගිණුම්වලට

2025 අගෝස්තු මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (15) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

කණ්ඩලමේ හැඩකාරයාට පිං අනුමෝදනා කරයි

මාස හතරකට අධික කාලයක් කණ්ඩලම වැව ඉස්මත්තේ වෙඩි වැදීමකින් තුවාල ලබා සිට ජීවිතයට සමුදුන් ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වනු ලැබූ වනඅලියා වෙනුවෙන් පිං අනුමෝදනාවක් සිදුකර තිබේ.

පාර්ලිමේන්තුවේ මහා පරිමාණයේ අලුත්වැඩියාවක්

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

කෝටි 10කට අධික අල්ලසක් ගත් බවට චෝදනා: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිශ් ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.   Read More>>

බිහිසුණු අනතුරු කිහිපයක් – බිලිඳාගේ ජීවිතය අනුනවයෙන් බේරුණු හැටි CCTV කැමරාවේ

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මොරගොඩ හන්දිය අසල බිහිසුණු අනතුරක් සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

සචින්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් විවාහ ගිවිස ගනී: සහකාරිය ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකාවක්

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත්, 25 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන් තෙන්ඩුල්කාර් විවාහ ගිවිස ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ සහකාරිය වන්නේ මුම්බායි නුවර ප්‍රකට ව්‍යාපාරිකයකු වන රවී ගායි මහතාගේ මිනිබිරිය වන සානියා චන්දොක් ය. ඉන්දියා ටුඩේ වාර්තාවකට…

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ අද (13) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගතර ඇත.

මන්නාරම සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් මසකට අත්හිටුවයි

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.