Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

රුසියාව යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කරයි

රුසියානු විදෙස් කටයුතු ඇමති සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබේ.

හෙට කොළඹට ජනතාව රැස්කරන්න විපක්ෂයෙන් සැලසුමක්

විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ හෙට (26) දිනයේ පක්ෂ පාට භේදයකින් තොරව කොළඹට රැස්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක, අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා සැප්තැම්බර් මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

රනිල්ව නෙවේ ඔහුගේ ප්‍රතිපත්ති පද්ධතිය සිරගත කළ යුතුයි – විමල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නොව, ඔහු විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති පද්ධතිය සිරගත කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. බත්තරමුල්ලේ පිහිටි සිය පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පෙන්වා දුන්නේ, වත්මන් ආණ්ඩුව…

නඩු නොදා රිය බලපත දෙන්න පගා ගත්තැයි සැරයන් මාට්ටු

 රථවාහන වරදකට නීතිමය පියවර නොගෙන රියදුරු බලපත්‍රය නැවත ලබාදීම සඳහා රියදුරෙකුගෙන් රුපියල් 15,000ක අල්ලසක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   Read More>>

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් ඒකාබද්ධ නි‍වේදනයක්

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කර තිබේ.

Wolverhampton විශ්ව විද්‍යාල ලිපිය Fake දැයි CID විමර්ශන

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද, ලන්ඩනයේ ‘වොල්වර්හැම්ප්ටන්’ (Wolverhampton) විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට අදාළ ආරාධනා පත්‍රයේ සත්‍යතාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.   Read More>>

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත්…

දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවකට බදුදීමේ සිද්ධියට අදාළ නඩුවට දුන් නියෝගය

කම්කරු අමාත්‍යාංශයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක් මත බදුදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට පෙර අදාළ නඩු ගොනුව නීතිපතිවරයා වෙත යොමුකළේ ඇයිදැයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය ප්‍රශ්නකර තිබේ.

කළුතර කලමුල්ල මුහුදු තීරයේ දිය නෑ සිසුන් දෙදෙනෙක් අතුරුදන්

කළුතර කලමුල්ල ප්‍රදේශයේ මුහුදේ අද (24) පස්වරුවේ දියනැමට ගිය පාසල් සිසුන් තිදෙදෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති අතර එක් සිසුවෙකු දිවි බේරාගෙන ඇති බව පයාගල පොලීසිය පවසයි.