ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිට එරටින් පිටවන්නැයි දැනුම්දීමක්
ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාව වෙත නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී විය.
නඩු කටයුතුවලින් පසුවත් සජිත් රනිල් බලන්න ජාතික රෝහලට එයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පස්වරුවේද කොළඹ ජාතික රෝහලට පැමිණියේය.
බාල වයස්කාර දැරියක් දූෂණය කළාට පුද්ගලයෙකුට වසර 12ක සිර දඬුවම්
බාල වයස්කාරියකව සිටි තැනැත්තියක් කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවම් ලබා දෙන ලෙස හෝමගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (26) දින නියෝග කළේය.
අගෝස්තු වැඩිහිටි දීමනාව හෙට
සුබසාධඛ ප්‍රතිලාභ මණ්ඩලය විසින් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව හෙට (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
රනිල්ගේ පොදු දේපළ අවභාවිතාව පිළිබඳ අද (26) සම්පූර්ණ නඩු වාර්තාව
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළේය.කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින…
ජාතික ක්‍රීඩා සංගම් 3ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
මළල ක්‍රීඩා, මේස පන්දු හා ජිම්නාස්ටික් ජාතික සංගම් වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
හරීන් අධිකරණයට
හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (26) දින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.
ජාතික රෝහලටත් විශේෂ ආරක්ෂාවක්
කොළඹ ජාතික රෝහලට සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව අද (26) උදෑසන සිට තරකර ඇති අයුරු ‘අද දෙරණ’ කැමරාවේ මෙලෙස සටහන් වුණි.
රනිල් වෙනුවෙන් එජාපයේ ප්‍රධානීන් අස්ගිරි මහානාහිමි බැහැදකී
එකසත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද (26) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.










