Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව ඉහළ නැංවීමේ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක්

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය වී තිබේ.

රුපියල් කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියක් වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

ජනපති අද යාපනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.

ඉන්ධන මිල පහළට

 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඉන්ධන වර්ග කිහිපයක මිල අඩු කිරීමට තීරණය කර ඇති අතර, එම නව මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.   Read More>>

ඉන්ධන මිල සංශෝධනය වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ. <br><br> ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල…

උතුරුමැද පළාතේ උසස් පෙළ විශිෂ්ටයින් අගයයි

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ උතුරුමැද පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

රතු එළි දැල්වෙන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව

පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මක සීමාසහිත ලංකා සීනි සමාගමට අයත් දෙවන විශාලතම සීනි කර්මාන්ත ශාලාව වන සෙවනගල සීනි කර්මාන්ත ශාලාව තුළ වාර්ෂික උක් දඬු මෙට්‍ර්ක් ටොන් 250,000ක් පමණ අඹරනු ලබයි.

තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ අද (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය.

මෝදි සහ ෂී ජින් පිං අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (31) උදෑසන චීනයේ ටිඇන්ජින් හිදි චීන ජනාධිපති ෂී ජින් පිං හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. <br><br> මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.