Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීම රජයේ අරමුණයි – අධිකරණ අමාත්‍ය

බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පළිඟු ඛනිජ අපනයනය කිරීමේ ජාවාරම පිටුපස භූවිද්‍යා අභ්‍යන්තර නිලධාරීන්

 නීති විරෝධී ලෙස මෙරටින් පළිඟු ඛනිජ අපනයනය කිරීමේ ජාවාරම පිටුපස භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අභ්‍යන්තර නිලධාරීන්ගේ සෘජු සම්බන්ධයක් පවතින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා චෝදනා කළේය. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) වෙත…

ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට ඇති විය හැකි බරපතළ අවදානමක් ගැන හෙළිදරව්වක්

2050 වසර වන විට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ඔස්ට්‍රේලියානු ජාතිකයින් මිලියන 1.5කට මුහුදු මට්ටම ඉහළ යාමේ හේතුවෙන් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බව එරට දේශගුණික වාර්තාවක් උපුටා දක්වා තිබේ.

පාකිස්තානය පරදා ඉන්දියාවට පහසු ජයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (14) රාත්‍රියේ පැවති තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කර කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

සීගිරිය කැඩපත් පවුර කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට

ලෝක උරුමයක් වූ සීගිරිය කැඩපත් පවුරට හානි වන ලෙස කුරුටු ගෑ තරුණියක් සීගිරිය පොලීසිය විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.

මීරිගම අවට මත්ද්‍රව්‍ය බෙදූ අයෙක් අත්අඩංගුවට

මීරිගම, පල්ලෙවෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැලුනයක් තුළ සිදුකරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලා මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය.

සත්ත්ව සංගණනයට මාස 6යි

වගා හානි කරන වන සතුන්ගේ ගැටලුවට පිළියම් සෙවීමට වන සත්ත්ව සංගණනයක් සිදුකර මාස හයක් ගත වුවද වඳුරන් සහ රිළවුන් නිසා තමන් දිගින්දිගටම පීඩාවට පත්ව සිටින බවට කතරගම අවට ගොවීන් පවසයි.

වෙළෙඳපොළේ කීරිසම්බා හිඟයක්

වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පවතින බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගයි.

මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් රසායන ද්‍රව්‍ය ඇති බව තහවුරු වෙයි

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව අනාවරණය වී තිබේ.

වසරේ ගතවූ කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000කට ආසන්න වෙයි

මෙම වසරේදී මේ දක්වා සහල් සම්බන්ධ මුළු වැටලීම් ප්‍රමාණය 3,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.