Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් ගසක ගැටී බිහිසුණු අනතුරක්

මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව 1 කනුව ප්‍රදේශයේදී වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුවී තිබේ.

සහකාර පොලිස් අධිකාරි උසස් කිරීම්වලට එරෙහිව පෙත්සම්

සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීම සඳහා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින්  45 දෙනෙකු එම ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම් 3ක් ගොනු කර තිබේ.

ජනපතිගේ ජපාන සංචාරය අදින් ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය. <br><br> ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඉන්දියාව සමග තරගයෙන් අවාසනාවන්ත පරාජයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ආසියානු කුසලාන විස්සයි20 සුපිරි හතර වටයේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනදා නැති දක්ෂතා පෙන්වමින් ලකුණු 202 විශාල ලකුණු සංඛ්‍යාවක් ගෙන සම ලකුණු ලබාගත්තත් සුපිරි ඕවරයේදී දැක්වූ දුර්වලතා නිසා පරාජයට පත්විය.   Read More>>

ශ්‍රී ලංකාවට ලකුණු 203ක ඉලක්කයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (26) පැවැත්වෙන අතර එහිදී තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළේය.

වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට

නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් නම් ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේදී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළේ යැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයට…

තිස්සමහාරාමේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී අද (26) පස්වරු 05ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරී ගාසී හමාඩ් සමග CNN කළ සම්මුඛ සාකච්ඡාවෙන් හෙළිවූ කරුණු

 ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරී ගාසී හමාඩ් සමග CNN පුවත් සේවය පැවත්වූ සම්මුඛ සාකච්ඡාවක් මේ වනවිට ‍විදෙස් මාධ්‍ය තුළ අවධානය දිනාගෙන තිබේ.මෙහිදී ඔහු ප්‍රකාශ කළේ, පලස්තීන අරමුණ වෙනුවෙන් තමන් සිදුකරන සටන ඇමරිකාව හා ඊශ්‍රයාලය එක්ව විනාශ කරන්නට උත්සාහ කළත් එයට ඉඩක් නොදෙන…

වරෙන්තු නිකුත් කිරීමෙන් පසු ව්‍යාපාරික අශෝක් පතිරගේ අධිකරණයට

ආසිරි රෝහල් ජාලය හිමි සොෆ්ට් ලොජික් අධිපති කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ඇතුළු ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය, තමන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුවක් ආපසු කැඳවන ලෙස ඉල්ලමින් අද (26) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.   Read More>>

විශේෂ මෙහෙයුමකින් 717ක් සැකපිට අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ (25) දිනයේ දී පුද්ගලයින් 717ක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.