Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබි ගායක රාජ්වීර් රිය අනතුරකින් මරුට

රියඅනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබි ගායක රාජ්වීර් ජවන්දාගේ මියගොස් තිබේ.

TV දෙරණ 20 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවති ඉස්ලාම් ආගමික ආශිර්වාද උත්සවය

‘TV දෙරණ’ 20 වැනි සංවත්සරය’ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඉස්ලාම් ආගමික වතාවත් දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද (8) පෙරවරුවේ පැවැත්විණි.

ට්‍රම්ප්ට අවාසි අධිකරණ තීන්දුවක් දුන් විනිසුරුවරියගේ ඇ.ඩොලර් මිලියන එකහමාරේ නිවස ගිනි ගනී

ඇමරිකාවේ දකුණු කැරොලිනා විනිසුරුවරියකගේ ඩොලර් මිලියන 1.5 ක් වටිනා නිවසක් සති අන්තයේදී හටගත් දැවැන්ත ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එඩිස්ටෝ වෙරළ තීරයේ අහස කළු දුමාරයෙන් වැසී ගියේය. මෙම සිදුවීමත් සමග ප්‍රදේශවාසීන්ට සිය ජීවිත ආරක්ෂාව සඳහා පලා යාමට සිදු විය….

ශානි ඇතුළු තිදෙනෙකුගේ පෙත්සම් විභාගයට අවසර

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළහ.

වාහන අංක තහඩු ලබාදීමේ ප්‍රමාදය ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

නව වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදුකළේය.

ලෝක රන් මිල ඩොලර් 4,000 පනී – මෙරට රන් මිල යළි ඉහළට

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ග්‍රාම නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

එළැඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

යුනිකෝන් ඇතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීන්දුව

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතාට සැලසුම් සහගතව ‍චේතනාන්විතව වෙඩිතබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හිඟුක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග…

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඉන්දියාවේ දැවැන්ත නායයාමක්

ඉන්දියාවේ බිලාස්පූර් දිස්ත්‍රික්කයේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ දැවැන්ත නාය යාමකට හසුවූ බස් රථයක සිටි පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.