Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

පාඨලීට වන්දි ගෙවන්න රන්ජන් ජයලාල්ට නියෝග

තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාව සිටී සමයේදී තමන්ට අපහාස සිදුවන ආකාරයේ ව්‍යාජ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා, එවකට ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ව සිටී රන්ජන් ජයලාල්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද (10) ප්‍රකාශයට පත්…

ඉතිහාසය අලුත් කරමින් කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (10) දිනයේ දී නැවත වරක් සිය ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින්, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,318.72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විද්වත් කමිටුව සිය වාර්තාව භාර දෙයි

වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීම සඳහා ඊට අදාළ යෝජනාවලිය සකස් කිරීම පිණිස අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතා විසින් අද (10) භාර දෙන ලදී.

විදෙස් කතුන්ගෙන් බලෙන් මුදල් ගත් ත්‍රීවිල් රියදුරන් දෙදෙනා අත්අඩංගුවට

මෙරටට පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනකුගෙන් ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ගැන කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ ඇතැම් නීති ලංකාවට කිසිසේත්ම නොගැලපෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

දේශබන්දුට එරෙහි නඩුවක් කල්යයි

වැලිගම W15 හෝටලය ⁣අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17වනදා දින නියම කර ඇත.

වැඩි මිලට වතුර බෝතල් වික්ක ව්‍යාපාරික ස්ථානයකට රු ලක්ෂ 6ක දඩයක්

පාලන මිලට වඩා ඉහළ මිලකට පානීය ජල බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ හයක දඩයක් නියම කර තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පෙදරේරුවාට වසර 10ක සිරදඬුවම්

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මන්නාරම ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් ඊයේ බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම නියම කර තිබේ.

අද පස්වරුවේ තද වැසි

අද (10) දින‍යේ නැගෙනහිර, මධ්‍යම, ඌව, දකුණු සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. 

සජබ නායකත්වය යටතේ එජාප සමග පොදු ගමනක් – සජිත්

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන්, එක්සත් ජාතික පක්ෂය සමග පොදු වැඩපිළිවෙළකට දේශපාලන වශයෙන් ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.