බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් දැලේ
රුපියල් 30,000ක මුදලක් සහ මත්ද්‍රව්‍ය බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රමිත් රඹුක්වැල්ලගේ නඩුව කැඳවීමට දින දෙයි
නීති විරෝධී ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 11 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.
ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රිකව බලපෑම් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමැතිගෙන් අගමැති මෝදිට ලිපියක්
ශ්‍රී ලංකාවේ වත්මන් රජය ජනවාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය වේගවත් කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබේ.
නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (13) නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍ය වර්ජනයක් ආරම්භ කර තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් සමුගනී
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක විශ්ලේෂකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය. Read More>>
අම්බුළුවාව කන්ද පාමුළ මල්ලිකා ගුරුවරියගේ අවාසනාවන්ත මරණය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගුරු වෘත්තියට පිවිසි මල්ලිකා තෙබුවනආරච්චි මහත්මියගේ එකම අරමුණ වූයේ හුදෙක් සිසුන්ට විෂය දැනුම බෙදා දීම පමණක් නොව, ඔවුන් සමාජීය හා දේශපාලනික අවබෝධයක් සහිත යහපත් පුරවැසියන් ලෙස ගොඩනැගීමයි. එහෙත් දෛවයේ සරදමකට මෙන්, ඇය දරුවන්ගේ අනාගතය සකස්…
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ ගැන ඉඟියක්
එළැඹෙන කන්නයේ සිට වී මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට
නීති විරෝධීව මෙරට මුහුදු සීමා උල්ලංගනය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් අද (13) අලුයම ඩෙල්ෆ්ට් දූපත මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.










