Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

හමුදා පරිහරණයේ තිබූ උතුරු – නැගෙනහිර ඉඩම් අක්කර 500කට අධික ප්‍රමාණයක් නිදහස් කෙරේ

2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුරු – නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 672ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා පැවසීය.

ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට COPF අනුමැතිය

2025 යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) වැඩි කිරීමට අදාළව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක…

පාර්ලිමේන්තුව විශේෂ පරීක්ෂාවකට

නොවැම්බර් මාසයේ දින තුනක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. <br><br> ඒ අනුව නොවැම්බර් මස 4, 6 සහ 7 යන තෙදින තුළ මෙම පරීක්ෂාව සිදුකිරීමට නියමිතය.

ව්‍යායාම මගින් පිළිකා සෛල වර්ධනය සියයට 30 ක් අඩු කළ හැකි බව පර්යේෂණයකින් හෙළිවේ

 ඕස්ට්‍රේලියාවේ එඩිත් කොවන් විශ්වවිද්‍යාලයේ (ECU) නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ තනි ව්‍යායාම සැසියක් පවා පිළිකා සටනට ධනාත්මක බලපෑමක් කළ හැකි බවයි. ප්‍රතිරෝධක පුහුණුව (resistance training) හෝ අධි-තීව්‍රතා අන්තරාල පුහුණුව (high intensity interval training – HIIT) වැනි එක් ව්‍යායාම වාරයක් මේ…

එංගලන්තයේ 15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්

එංගලන්තයේ ෂෙෆීල්ඩ් හිදී සහෝදර සිසුවෙකු ඝාතනය කිරීමට වරදකරු වූ 15 හැවිරිදි සිසුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවීමට ෂෙෆීල්ඩ් අධිකරණය අද (22) නියම කළේය.

1- 6 ශ්‍රේණි විෂයමාලා ප්‍රතිසංස්කරණ ගැන උපදෙස් සංග්‍රහයක්

2026 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අද (22) උපදෙස් සංග්‍රහයක් නිකුත් කරනු ලැබීය.

ග්‍රවුන්ඩ් හරිගස්සලා ඉවර නෑ කියා LPL කල් දමයි

 2025 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) තීරණය කර තිබේ. 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා…

Updates – වැලිගම ඝාතනය: ලිපිකාරිනිය එළියට එද්දීම කාමරේ ඇතුළට පැනලා වෙඩි තිබ්බා

 වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අද පෙරවරුවේ සිය නිල කාර්යාලය තුළදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ වනවිට වාර්තාවී තිබේ. මෙම සිදුවීම ප්‍රාදේශීය සභාවේ මහජන දිනය පැවති අද දින පෙරවරු 10:30 ට පමණ සිදුව ඇති බව…

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කරන්නැයි උපදෙස්

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කිරීමට කටයුතු කරන ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා තිබේ.

කොළඹ නගර රැසකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ 01 සිට 15 දක්වා සහ ප්‍රධාන නගර කිහිපයකට හෙට (23) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.