Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු

අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී ඊයේ (04) උදෑසන වෙඩිතබා සිදුකළ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ. <br><br> ඒ අනුව මෙලෙස ඝාතනය කර තිබුණේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි වරුෂවිතාන මිරන්ත නම් 54 හැවිරිදි පුද්ගලයෙකුවය.

නිව්යෝර්ක් පළමු මුස්ලිම් නගරාධිපති ලෙස සොහ්රාන් මම්දානි තේරී පත්වෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත්ව තිබේ.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයේදී පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර තිබේ.

කටුකුරුන්ද වෙරළ තීරයේ රු. කෝටි 3ක හෂීෂ්

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

පිලිපීනයේ සුළි කුණාටුවෙන් 58ක් මරුට

මධ්‍යම පිලිපීනයට බලපෑ ‘කල්මේගි’ සුළි කුණාටුවකින් පුද්ගලයින් 58 දෙනෙකු මිය ගොස් තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 4ක අද සුනාමි පෙරහුරුවක්

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීව ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් අද (05) පැවැත්වීමට නියමිතව තිබේ.

අද කාලගුණය

ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (05) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දුම්කොළ සහ මද්‍යසාර ප්‍රධාන ලෙඩ 200කට හේතුවක් බව හෙළිවෙයි

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය රෝග 200කට පමණ හේතුවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.

මං ආදරේ කළේ දමිත් ෆොන්සේකාට එයා වෙනස් වුණා – රතු රෝසේ චාපා කලකට පසු

අනූව දශකයේ ‘රතු රෝස’ කියලා ටෙලිනාට්‍යයක් ඕගොල්ලෝ බලන්න ඇතිනේ. ඒකේ, ‘රතු රෝස’ එකේ චාපාට හිටියේ ඇය. ජීවිතයටම රඟපාලා තියෙන්නේ එකම එක ටෙලිනාට්‍යයක විතරයි. හැබැයි ඒ රඟපෑම, ඒ ආදරණීය බව, අදටත් ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය රසිකයින්ගේ හිත්වල සදා රැඳෙනවා. ‘ගෝල්ඩන් මෙමරීස් විත්…

ගාලු මුවදොර අරගලයට පහරදුන් සැකකරුවන් 31ක් හඳුනාගනියි – නීතිපති දැනුම්දෙයි

2022 වසරේ මැයි මස ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව  නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.