භූකම්පනයෙන් තවත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් – ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට බලපෑමක් නෑ
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
<br><br>
සමස්ත හවායි දිවයිනටම සුනාමි බලපෑම් එල්ලවීමේ අවදානම හේතුවෙන් වෙරළාසන්න කලාප මඟහැර ජනතාව උස් බිම් වෙත යොමු කෙරුණි.