කුරුණෑගල මාවතගම වෙල්යායක අත්හැර දමාගිය බිලිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇගේ මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සැපයීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.