
තංගල්ල පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා, කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික හිංසනයක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර තිබේ. තංගල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මුදා හරින ලෙස පසුගිය 15 වන දා නියෝග කරන ලදී.