එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි – ඩුබායි අධිවේගී මාර්ගයේ සිදුවූ බිහිසුණු රිය අනතුරකින් ඉන්දීය ජාතික සහෝදරයින් හතර දෙනෙකු සහ ගෘහ සේවිකාවක මියගිය අතර, මෙම අනතුර ඇසිපිය හෙළන සැණින් සිදුවූවක් බව මියගිය දරුවන්ගේ මාමා ප්‍රකාශ කර තිබේ. ජනවාරි 4 වන දින අලුයම මුළු මහත් ප්‍රජාවම කම්පනයට පත් කරමින් සිදුවූ මෙම සිදුවීම පිළිබඳව පළමු වරට පවුලේ ඥාතියෙකු මාධ්‍ය වෙත කරුණු අනාවරණය කරමින් සඳහන් කර ඇත්තේ, අබුඩාබි හි ලිවා උත්සවය නැරඹීමෙන් පසු ආපසු නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ඔවුන් මුහුණ දුන් බවයි.





