බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය වූ කලිඩා සියා මහත්මිය, ඩකා අගනුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිටි ඇය මියයන විට 80 වැනි වියේ පසු වූවාය. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) අඟහරුවාදා (අද) උදෑසන 6.00 ට පමණ ඇය මෙලොව හැර ගිය බවට නිවේදනයක් නිකුත් කර තිබේ.





