ප්ලේන් එකේදී දීගල්ලේ මහින්ද හිමිගේ මුදල් සොරාගත් චීන්නු දෙන්නා කටුනායක බැස පලායද්දී අල්ලලා

අබුඩාබි නුවර සිට පැමිණි ගුවන් යානයක් තුළ දී භික්ෂූන් වහන්සේ නමකට අයත් රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් පමණ වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් සොරකම් කළ බව කියන චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් ඊයේ (25) දින අත්අඩංගුවට ගෙන තිබේ.






