ආර්ජන්ටිනාවේ ජෙනරාල් විලෙගාස් (General Villegas) නගරයේ වෙසෙන වැඩිහිටියන් පිරිසක් විසින් තම ළමා කාලයේ අමතක නොවන මතකයන් ප්‍රතිනිර්මාණය කරමින් සකස් කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ඉමහත් කතාබහට ලක්ව තිබේ. නගරයේ ස්වේච්ඡා ගිනි නිවන ඒකකයේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රථම වරට බෙදාහළ මෙම සංවේදී වීඩියෝව ඉතා කෙටි කලක් තුළ අන්තර්ජාලය පුරා පැතිර ගියේ දහස් ගණනකගේ හදවත් දිනා ගනිමිනි.





