
රාජ්‍ය කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාව මත නඩු විභාගයකට මුහුණ දෙන බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ, නිවාස අඩස්සියට පත් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. පූර්ව නඩු විභාග අවධියේදී පනවා තිබූ කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස් විසින් ඊයේ (04) මෙම තීන්දුව ලබා දී ඇත.