
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට ඉන්දියාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. සමාජ ක්‍රියාකාරිනියක වන අමානි රිෂාඩ් හමිඩ් විසින් ගොනු කර ඇති මෙම පෙත්සම මගින්, අදාළ ගිවිසුම සහ එය සංශෝධනයට අදාළව ගත් කැබිනට් තීරණ දෙකක් බලරහිත කරන ලෙස ඉල්ලා ඇත.