ප්‍රභාකරන්ට පැන යෑමට මහින්ද සටන් විරාමයක් ලබා දුන් බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් චෝදනාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට යුද මුක්ත කලාපයෙන් මිදී පලා යෑමේ අරමුණින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ බවට හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.






