ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් මගින් ඉන්දීය මුදා ගැනීමේ හමුදා බළඇණියක් අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඉලුෂියන් – 76 (Ilyushin-76) වර්ගයේ මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වනු ලැබුවේ අද පෙරවරු 08.00 ට පමණය.






