අම්බලන්ගොඩ පාතාල පලිගැනීම් නැවතත් – අවන්හලේ අයකැමිවරිය ලෙස සිටි මහදුර නලින්ගේ නංගී ඝාතනය කරලා
ඊයේ (17) රාත්‍රි 8.30ට පමණ අම්බලන්ගොඩ මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් තුළ සිදුවු වෙඩිතැබීමකින් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර පසුව මියගොස් තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් වන අතර මින් ඉහත පාතාල ඝාතනයට ලක්වූ මහදුර නලින් නමැත්තාගේ නැගණිය බව කියැවේ.






