දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
<br><br>
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.






